ඔබ අදාල පන්තිය මත click කර click here මත click කරන්න. 2020-2022 වර්ෂය සඳහා උසස්පෙළ පන්තියට ඇතුළු වීමට අදාළ අයදුම්පත ලබා ගැනීමට " A/L 2020-2022 Application " මත click කරන්න. පහත දක්වා ඇති උපදෙස් කියවන්න.
Sunday, July 5, 2020
Wednesday, June 17, 2020
2020-06-1 7
මහත්මයාණෙනි/මහත්මියනි,
අ.පො.ස.(උ.පෙළ) විද්‍යා/කලා/වාණිජ (2020/2022)
පන්ති වලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය
උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් ඉදිරිපත් කරන ලද
අයදුම්පත හා බැඳේ. ඉහත සම්මුඛ පරීක්ෂණය 2020-07-02 වන බ්‍රහස්පතින්දා දින පෙ.ව.8.30 ට විද්‍යාලයේදී පැවැත්වේ. ඒ සඳහා
පහත ලිපි ලේඛන රැගෙන එන ලෙස දන්වමි.
1. 2019 (සා/පෙළ) විභාගයේ ප්‍රතිඵල සහතිකය
2. උප්පැන්න සහතිකය
3. චරිත සහතිකය
4. විෂය බාහිර කටයුතු වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණ වලට
අදාළ සහතික
5. ග්‍රාමසේවක සහතිකය
6. මුද්දරය සහිත දිග ලියුම් කවර දෙකක්
7. ෆයිල් කවර 2ක්
මෙම පාසලේ දැනට ඉගෙනුම ලබන අයදුම්කරුවන්ට ඉහත අංක
1,2,3 අදාළ නොවේ.
සැ.යු: සෞඛ්‍ය හේතූන් මත අයදුම්කරු සමග මව/පියා
යන දෙදෙනාගෙන් එක අයකු පමණක් පැමිණිය යුතු අතර සහතික ඇතුලත් ලිපිගොනුව හැර වෙනත්
කිසිවක් පාසලට ගෙන ඒමෙන් වලකින්න. දෙමාපිය ජාතික හැඳුනුම්පත හා මෙම ලිපිය පාසලේ
ආරක්ෂක අංශයට ඉදිරිපත් කරන්න. නිරෝධායන නීති රීති වලට අනුකූලව පාසලට පැමිණෙන්න.
ස්තූතියි.
.................................
විදුහල්පති
Monday, June 15, 2020
Tuesday, June 9, 2020
Monday, June 8, 2020
Sunday, May 31, 2020
Saturday, May 30, 2020
Friday, May 29, 2020
Tuesday, May 26, 2020
“රටක් වටින පොතක්” ලිවීමේ ජාතික වැඩසටහන
2020 වර්ෂයේ ලොව පුරා පැතිර යන COVID 19 වසංගත රෝග තත්ත්වය
හේතුවෙන් අප රටේ හතළිස්තුන් ලක්ෂයකට ආසන්න පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම නිවෙස්වලට ම
වී කාලය ගත කරන අතර ඔවුන්ගේ චිත්ත ශක්තිය, අභියෝග ජය ගැනීමේ ශක්තිය හා නිර්මාණ
ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන හඳුන්වා දේ. මෙම වකවානුවේ සිසු දරුවන්ගේ
සිත් තුළ බලපැවැත්වෙන “රටක් වටින අදහස්” ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීමට ඔවුන්ට අවස්ථාව සලසා
දීමත්, පොතපත කියවීමෙන් මෙම කාලය තුළ තම දැනුම යහපත් ආකල්ප හා කුසලතා වර්ධනය කරගෙන
එය නිර්මාණාත්මක ලෙස ජාතිය වෙත පිරිනැමීමත්, අංකුර ලේඛක-ලේඛිකාවන් පිරිසක් පාසල්
පද්ධතිය තුළින් බිහි කරලීමත් මෙම වැඩසටහන ආරම්භ කිරීමේ අරමුණ වෙයි. මෙම වැඩසටහන
සඳහා දිවයිනේ සියලු ම ජාතික පාසල්, පළාත් පාසල්, පිරිවෙන්, පෞද්ගලික හා ජාත්‍යන්තර
පාසල් වල ඉගෙනුම ලබන පළමුවන ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය
ස්වාමීන් වහන්සේලා හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ස්වකීය නිර්මාණ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි
යන ඕනෑ ම භාෂා මාධ්‍යයකින් ඉදිරිපත් කළ හැකි ය. මෙම වැඩසටහන පාසල්, කලාප, පළාත් හා ජාතික මට්ටමින්
ක්‍රියාත්මක කෙරේ.
Thursday, May 14, 2020
Wednesday, May 13, 2020
2020-2022 අ.පො.ස.(උසස් පෙළ )සඳහා අප පාසලට
අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන්ට අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා උපදෙස්
Ø ඔබට ලබා දී ඇති “A/L 2020-2022 Application” මත click කරන්න.
Ø ඉන්පසු “අයදුම්
කරන්න(click here)”මත Click කරන්න.
Ø ඔබට ලැබෙන අයදුම්පත්‍රය ඉංග්‍රීසි කැපිටල් අකුරු
භාවිතා කර සම්පූර්ණ කරන්න.
Ø “Submit” කිරීමට පෙර ඔබේ තොරතුරු සත්‍ය බව දක්වන ස්ථානයේ
ඔබේ නම සටහන් කරන්න.(type කරන්න)
Ø සම්පූර්ණ කිරීමෙන් පසු “Submit” මත click කරන්න.
අදාළ
විෂය ධාරාවන් ට අදාළ විෂය පහත පරිදි තෝරා ගත හැක.
කලා
විෂය ධාරාව
1. සිංහල/තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
2. භූගෝල විද්‍යාව/ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය
3. බෞද්ධ ශිෂ්ටාචාරය /කතෝලික ධර්මය /ඉතිහාසය
වාණිජ විෂය ධාරාව
1. ගිණුම්කරණය
2. ව්‍යාපාර අධ්‍යයනය
3. ආර්ථික විද්‍යාව/ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
විද්‍යා
විෂය ධාරාව
1. රසායන විද්‍යාව
2. ජිව විද්‍යාව
3. භෞතික විද්‍යාව
ගණිත
විෂය ධාරාව
1. සංයුක්ත ගණිතය
2. රසායන විද්‍යාව / තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
3. භෞතික විද්‍යාව
Ø අයදුම්පතෙහි සඳහන් තොරතුරු තහවුරු කිරීමට අදාළ
සහතික පත් සම්මුඛ පරීක්ෂණයේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.
Saturday, May 2, 2020
Thursday, April 23, 2020
Subscribe to:
Posts (Atom)