Tuesday, May 26, 2020


රටක් වටින පොතක් ලිවීමේ ජාතික වැඩසටහන


2020 වර්ෂයේ ලොව පුරා පැතිර යන COVID 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් අප රටේ හතළිස්තුන් ලක්ෂයකට ආසන්න පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම නිවෙස්වලට ම වී කාලය ගත කරන අතර ඔවුන්ගේ චිත්ත ශක්තිය, අභියෝග ජය ගැනීමේ ශක්තිය හා නිර්මාණ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන හඳුන්වා දේ. මෙම වකවානුවේ සිසු දරුවන්ගේ සිත් තුළ බලපැවැත්වෙන රටක් වටින අදහස් ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීමට ඔවුන්ට අවස්ථාව සලසා දීමත්, පොතපත කියවීමෙන් මෙම කාලය තුළ තම දැනුම යහපත් ආකල්ප හා කුසලතා වර්ධනය කරගෙන එය නිර්මාණාත්මක ලෙස ජාතිය වෙත පිරිනැමීමත්, අංකුර ලේඛක-ලේඛිකාවන් පිරිසක් පාසල් පද්ධතිය තුළින් බිහි කරලීමත් මෙම වැඩසටහන ආරම්භ කිරීමේ අරමුණ වෙයි. මෙම වැඩසටහන සඳහා දිවයිනේ සියලු ම ජාතික පාසල්, පළාත් පාසල්, පිරිවෙන්, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලබන පළමුවන ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ස්වකීය නිර්මාණ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන ඕනෑ ම භාෂා මාධ්‍යයකින් ඉදිරිපත් කළ හැකි ය.  මෙම වැඩසටහන පාසල්, කලාප, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රියාත්මක කෙරේ. 


No comments:

Post a Comment