Tuesday, May 26, 2020


රටක් වටින පොතක් ලිවීමේ ජාතික වැඩසටහන


2020 වර්ෂයේ ලොව පුරා පැතිර යන COVID 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් අප රටේ හතළිස්තුන් ලක්ෂයකට ආසන්න පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම නිවෙස්වලට ම වී කාලය ගත කරන අතර ඔවුන්ගේ චිත්ත ශක්තිය, අභියෝග ජය ගැනීමේ ශක්තිය හා නිර්මාණ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන හඳුන්වා දේ. මෙම වකවානුවේ සිසු දරුවන්ගේ සිත් තුළ බලපැවැත්වෙන රටක් වටින අදහස් ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීමට ඔවුන්ට අවස්ථාව සලසා දීමත්, පොතපත කියවීමෙන් මෙම කාලය තුළ තම දැනුම යහපත් ආකල්ප හා කුසලතා වර්ධනය කරගෙන එය නිර්මාණාත්මක ලෙස ජාතිය වෙත පිරිනැමීමත්, අංකුර ලේඛක-ලේඛිකාවන් පිරිසක් පාසල් පද්ධතිය තුළින් බිහි කරලීමත් මෙම වැඩසටහන ආරම්භ කිරීමේ අරමුණ වෙයි. මෙම වැඩසටහන සඳහා දිවයිනේ සියලු ම ජාතික පාසල්, පළාත් පාසල්, පිරිවෙන්, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලබන පළමුවන ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ස්වකීය නිර්මාණ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන ඕනෑ ම භාෂා මාධ්‍යයකින් ඉදිරිපත් කළ හැකි ය.  මෙම වැඩසටහන පාසල්, කලාප, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රියාත්මක කෙරේ. 


Wednesday, May 13, 2020


2020-2022 අ.පො.ස.(උසස් පෙළ )සඳහා අප පාසලට අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන්ට අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා උපදෙස්

Ø ඔබට ලබා දී ඇති “A/L 2020-2022 Application” මත click කරන්න.
Ø ඉන්පසු අයදුම් කරන්න(click here)”මත Click කරන්න.
Ø ඔබට ලැබෙන අයදුම්පත්‍රය ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිතා කර සම්පූර්ණ කරන්න.
Ø “Submit” කිරීමට පෙර ඔබේ තොරතුරු සත්‍ය බව දක්වන ස්ථානයේ ඔබේ නම සටහන් කරන්න.(type කරන්න)
Ø සම්පූර්ණ කිරීමෙන් පසු “Submit” මත click කරන්න.

අදාළ විෂය ධාරාවන් ට අදාළ විෂය පහත පරිදි තෝරා ගත හැක.

කලා විෂය ධාරාව

1.     සිංහල/තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
2.     භූගෝල විද්‍යාව/ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය
3.     බෞද්ධ ශිෂ්ටාචාරය /කතෝලික ධර්මය /ඉතිහාසය

වාණිජ විෂය ධාරාව

1.     ගිණුම්කරණය
2.     ව්‍යාපාර අධ්‍යයනය
3.     ආර්ථික විද්‍යාව/ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

විද්‍යා විෂය ධාරාව

1.     රසායන විද්‍යාව 
2.     ජිව විද්‍යාව
3.     භෞතික විද්‍යාව

ගණිත විෂය ධාරාව

1.     සංයුක්ත ගණිතය
2.     රසායන විද්‍යාව / තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
3.     භෞතික විද්‍යාව

Ø අයදුම්පතෙහි සඳහන් තොරතුරු තහවුරු කිරීමට අදාළ සහතික පත් සම්මුඛ පරීක්ෂණයේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.
Ø අයදුම්පත් භාර ගැනීම 2020 ජූනි 20න් අවසන් වේ.
අයදුම් කරන්න. click here

Saturday, May 2, 2020

11 ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවනි,

ඉංග්‍රීසි විෂයට අදාලව ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි වැඩ සටහන සම්බන්ධව තොරතුරු දැන ගැනීමට ඉංග්‍රීසි විෂයභාර සුමුදු ජයසිරි ගුරු මහතා අමතන්න.
දුරකතන අංකය - 0716902568